’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’ – එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා ඊයේ  (5) පස්වරුවේ පැවසීය.

ආණ්ඩුව වී මිල සකස් කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ තොග රැස්කිරීමේ, තොග රඳවාගැනීමේ සහ බැංකු පොලිය ආදි වියදම් ගණනය කර නොමැති බවත් ඒ හේතුවෙන් මෙම මිලත් සමඟ සහල් නිෂ්පාදකයන් දැඩි ගැටලුවකට මුහුණ දෙන බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව නියම කළ මෙම මිලත් සමඟ ඉදිරියේ සහල් ප්‍රශ්නය තව දුරටත් උග්‍රවියහැකි බව කී මුදිත පෙරේරා මහතා ඒ හේතුවෙන් මෙම මිල පිළිබඳව ආණ්ඩුව තව දුරටත් සළකා බැළිය යුතු බව සඳහන් කළේය.

කීරි සම්මා වී කිලෝවක මිල රුපියල් 132 ක් ලෙස මිල නියම කිරීම ගැටලුසහගත බව කී ඒ මහතා පැවසුවේ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදීගෙන සහල් කිලෝවක් පාලන මිලට අළෙවි කළ නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *