සහල් ටොන් 9,500ක් ආනයනය කරයි

වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව ඊයේ (17) දහවල් වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 9,500 ක් ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම සහල් මෙට්‍රික්ටොන් 9500 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 3,300 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 6,200ක් ඇතුලත් බවද අරුක්ගොඩ මහතා කීය.

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය ලබන 20 වැනිදා අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *