සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොවෙයි

සහල් තවදුරටත් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොකරන බවත් වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

වර්තමාන ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට දුන් අවසරයත් සමග පෞද්ගලික අංශය සහල් මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව කී එම නිලධාරියා තවදුරටත් සහල් ආනයනය කළහොත් ගැටළුවක් මතුවිය හැකි බව ද සඳහන් කළේය.

ප්‍රදේශ කිහිපයක වී අසනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සහල් පිළිබඳ ගැටලුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට රජය දී තිබූ කාලය පසුගිය 10 වැනිදා අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *