නාඩු සහල් මෙට්රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
එම ටෙන්ඩරයට සැපයුම්කරුවන්ට ඊයේ(29) සිට දින හතක් තුළ මිල ගණනන් ඉදිරිපත් කළ හැකි බවත් එම සහල් ලබන මස මැද වන විට මෙරටට ආනයනය කළ යුතු බවත් සමිත පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.