මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනි දා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් පැවසීය.
ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දීමක් කළ බවත් ඔහු කියා සිටියේය.
මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මේ අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ගෙන ආ අතර ඔහුගෙන් සාක්කි විමසීම මාධ්‍ය හමුවේ නිරාවරණය නොකෙරිණි.
(Image – adaderana.lk)