LK reports news sinhala

සහරාන්ගේ තවත් ගෝලයෙක් පොලිසියට කොටුවෙයි

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබු වයස අවුරුදු 16ක් වන බාලවයස්කාර තරුණයකු අද(16) අම්පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නමැති මෙම සැකකරු කුරුණෑගල එකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන්ට පසුව සිටින දෙවැන්නා ලෙස සැළකෙන නවුෆර් මවුලවි නමැත්තාගේ පුතා බවට හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.

අදාළ සැකකරු  නුවරඑළියේ දී සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ අයකු බවද පොලිසිය සඳහන් කර සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *