සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ  දැයි සෙවිමට විශ්ව ව්ද්‍යාලය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය .

මෙම සිසුවා මේ වසරේදි විශ්ව විද්‍යාලයට  පැමිණ දේශන සඳහා සහභාගි වි නොමති බවද ඔහු ඉගෙනුම ලබන විෂයන් අන්තර් ජාල පන්ති මගින් ඉගෙනුම ලබා ඇතැයි ද උප කුලපතිවරයා පැවසිය.

සරසවි සිසුන්ගේ අවුරුදු උත්සවයක් සඳහා මියගිය සිසුවා 26 වනදා නේවාසිකාගාරයකට පැමිණ ඇතැයි තමා කළ සොයා බැලිමකදි අණාවරනය වු බවත් එහෙත් සිසුවා සරසවියට  පැමිණිම ගැන ලේඛන ගතව නැති බවද උප කුලපතිවරයා පැවසිය.

මෙම සිසුවා නවක වදයකට ලක්වුණේ දැයි සොවිමට අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන බව ද එම පරික්ෂණයේ නිගමන අනුව තීරණ ගන්නා බවද උප කුලපතිවරයා සදහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *