සරසවි සිසුන්ට ඇප

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සරසවි සිසුන් දෙදෙනා ඊයේ(28) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය (අංක 07) විසින් එලෙස ඇප ලබාදුන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නවීන් තාරක ඇතුළු තවත් සිසුවෙකුටය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

එහිදී කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් ආරම්භවී තිබූ මෙම පාගමන නෙළුම් පොකුණ දෙසට ගමන් කර තිබුණි.

ඒ අනුව පොලීසිය විසින් එම පාගමනට අවස්ථා දෙකකදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *