චීන රජයට අයත් සයිනොපෙක් සමාගම මගින් මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ගෙනආ යෝජනාවට සඳුදා (27) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ සඳහා කෙරෙන ආයෝජනය ඩොලර් බිලියන 4.5ක් බව සඳහන් වෙයි.
පසුගිය අගෝස්තු මාසයේදී ඒ සඳහා යෝජනා කැඳවූ විට චීනයේ සයිනොපෙක් සමාගම සහ Vitol සමාගම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර තිබුණි.
නමුත් පසුව Vitol සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත්වී තිබුණි.