අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අරණායක, සුනන්ද රඟහලේ පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සදහන් කළාය.
දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් නිසි තැනට ඇවිත් තිබෙන අතර රට නිවැරදි මාවතට ගත යුතු බවත් සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් සිටිය හැකි රටක් නිර්මාණය කිරීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.
ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කිරීම සහ වැරදි නිවැරදි කරීමේ කටයුතු කළ ද එය ආණ්ඩුවකට පමණක් කළ නොහැකි බවත් රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතු බවත් අග්‍රාමාත්‍යවරයේ වැඩිදුරටත් සඳහන් කළාය.