සමාජ ශාලාවේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමේ සිද්ධියට අදාළව කාන්තාවක් සහ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ඇතුළු සිව්දෙනා වයස අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන රාගම සහ මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

කැලණියේ විශේෂ කාර්යාංශයට වෙත ලද තොරතුරකට අනුව මෙම පිරිස රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5200ක් ද සොයාගෙන ඇත.

පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට තුවාල සිදුකර අපරාධයකට තැත් කිරීම සහ හෙරොයින් ළඟ තබා ගැනීම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *