සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැරදි සහගත ලෙස කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා  පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ කීය.

ශ්‍රී ලංකාව රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තත්වයකට වර්තමානය වන විට මුහුණදී සිටින බවත් සමාජය මාධ්‍ය හරහා ජනතාවට බොරු වපුරලා, ජන මනස විකෘති කළ වර්තමාන ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය.

ශ්‍රී ලංකාවේ මුදල් රාජපක්ෂලා උගන්ඩාවට ගෙවිච්චා යැයි ජනතාවගේ සිතේ වෛරය වපුරලා වෛරය තුළින් පාර්ලිමේන්තුවේ සිටි අහිංසක මන්ත්‍රිවරයෙක්ව පාරේ පහරදී මරා දමන තත්වයට වෛරය වැපූරු බව කී සාගර කාරියවසම් මහතා වර්තමාන ආණ්ඩුව කරන ජනතා විමුක්ති පෙරමුණ පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රිවරු පන්සිය හැට පමණ ගෙවල්,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරු  75 ක ගෙවල්  ගිනි තියන්න තරම්  සමාජ මාධ්‍ය තුළින් බොරු වපුරලා වෛරයක් වැපුරවූ බව ද සඳහන් කළේය.

ඒ ආකාරයට වැඩකළ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවූ සැනින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය  කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම තරයේ  හෙළා දකින බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණ වැරදි ආකාරයකට කරන අතර ශ්‍රී ලංකා පොලිසිය ආණ්ඩුව වෙනුවනේ කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත් කාරියවසම් මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට  ගෙන ඇති බව කී කාරියවසම් මහතා ත්‍රස්තවාදය  වැළැක්වීමේ  පනතට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණට එම පනතින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ඇති අයිතිය මොකක්ද යන ගැටලුව මතු වන බවත්ය.

ජාතික ජනබලවේගයට ත්‍රස්තවාදය වැලැත්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තිබෙන අයිතිය මොකක්ද යන්න ඔවුන්ම හෘදසාක්ෂියෙන් ඇසිය යුතු බවත් රටේ මහාවිරු දිනයක් සැමරුවේ නැහැ කියලා කියනවානම්, පසුගිය කාලයේ මේ රටේ ප්‍රධාන මාධ්‍ය තුළින් ඒ මාධ්‍යවල ප්‍රවෘත්ති තුළින් විකාශනය වුණේ  වැරදි සහගත දේවල් වියයුතු බවත් ඒ මහතා පැවසීය.

මහාවිරු සැමරුමක් පැවැත්වෙන ආකාරය විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වූ බව කී සාගර කාරියවසම් මහතා එවැනි තත්වයක් තිබියදී මහවිරු සැමරුම් පැවැත්වෙන බව වසන් කිරීමට ඒ සම්බන්ධයෙන් කථා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් අත්තඩංගුවට ගැනීම සමස්ත මාධ්‍ය ක්‍රියාකාරීන්ට කරන තර්ජනයක් බවත්ය.

සමාජ මාධ්‍යවේදියෙක්ට මේ ආකාරයට අසාධාරණයක් වෙනවානම් පක්ෂයක් හැටියට ඊට එරෙහිව කටයුතු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *