සම්පන්දන් රජයේ නිල නිවාස අවභාවිතයක

දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්. සම්පන්දන්ට විපක්ෂ නායකවරයා  වශයෙන් කටයුතු කළ සමයේදී රජය විසින් ලබාදී තිබූ නිල නිවසින් ඉවත් වන්නැයි කිහිපවරක්ම දැනුම්දී ඇතත් ඔහු එම නිවසින් තවමත් ඉවත්ව ගොස් නැතැයි වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආරංචි පවසන පරිදි ඒ සම්බන්ධයෙන් සිහිකැඳවීමේ ලිපියක් ද මෑතකදී සම්පන්දන්ට යවා ඇත. ඔහුට මන්ත්‍රීවරයකු ලෙස ලබාදී තිබූ නිල නිවස සහ විපක්ෂ නායක  ලෙස ලබාදී තිබූ නිල නිවසත් යන දෙකම මේ වනවිට පාවිච්චි කරන බවත් විපක්ෂ නායකවරයා වශයෙන් ලබාගෙන තිබූ නිල නිවස තවදුරටත් පාවිච්චි කිරීම නීති විරෝධී බවත් වහා ඔහු ඒ නිවෙසින් ඉවත්විය යුතු බවත් අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ අතර හිටපු ඇමැතිවරුන් 12ක් ඇමැති තනතුරු දරන සමයේ ලබාගෙන තිබූ රජයේ නිල නිවාස තවමත් බාරදී නැතැයි ද පරිපාලන අමාත්‍යංශ ආරංචි පවසයි.

(Image – News Radio)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *