සැත්කමක් අතරතුර ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේ දී කාන්තාවක් මියගිය බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
පියයුරු පිළිකා සැත්කමකට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් පසුගිය දා මිය ගොස් තිබිණි.
ඇයට අවශ්‍ය ව තිබූ ඔක්සිජන් වෙනුවට වැරදීමකින් කාබන්ඩයොක්සයිඩ් වායුව ලබාදීම එම මරණයට හේතුව බවට සෞඛ්‍ය වෘත්තිය සංගම් චෝදනා කරයි.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ පැවසුවේ, පෙරේදා රාත්‍රියේ සැත්කම සිදු කරන අතරතුරදීම කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ලබන සඳුදා වන විට වාර්තාවක් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුනි.
කෙසේ වෙතත්, සැත්කම අතරතුර ඔක්සිජන් වෙනුවට කාබොන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම කාන්තාව මියගිය බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමස්ත ලංකා හෙද සංගමය අද ප්‍රකාශ කළේය.
මේ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා මිය ගිය කාන්තාවගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබේ.
අනතුරුව අද පස්වරුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.