Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක පෝස්ට් දාන අයව සොයයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි බවය.

“එතුමාගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වුණා හැමදාම කමෙන්ට්ස් දාන්නේ කවුද කියලා. මේ වතාවේ සොයාබැලීමක් කළාම… ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා.. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා.. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”

ඔබේ අදහස