සදුදා දින වන විට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී වත්මන් ආණ්ඩුවම ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය පෙන්විය හැකි ඕනෑම කණ්ඩායසකට ආණ්ඩුව කරගෙන යන්නැයි ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ආරාධනා කළද කිසිවකු එම අභියෝගය බාර නොගත් බවද හෙතෙම පැවසීය.
ඔවුන්ට ආණ්ඩුව ලබා දෙද්දී ඔවුන් බාර නොගන්නේ කරන්න බැරි නිසා බවද හෙතෙම සඳහන් කළේය.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.