සජිත් මියන්මාර – තායිලන්ත තානාපති හමුවෙයි

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද  ගොස්  භූමිකම්පාවෙන් මිය ගිය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කර ඇත.

මියන්මාරයේ සහ තායිලන්තය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී එම තානාපතිවරුන්ට   ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *