සජිත්ගේ දවසක පත්තර මුල්පිටුවට වියදම මිලියන 60යි

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරණ දැන්වීමක් ඊයේ(6) ජාතික පුවත්පත් රැසකම මුල් පිටුව වෙනුවට (Covering page) ප්‍රචාරය කර තිබෙනු දක්නට ලැබිණි. ඒ අනුව ලංකාදීප, මව්බිම, දේශය, සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර්, වීරකේසරී ආදී පුවත්පත් රැසක මුල් පිටුව ආවරණය කරමින් සජිත්ගේ දැන්වීම පළකර තිබිණි.
ඒ සඳහා සම්පූර්ණ වියදම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වූ පරිදි රුපියල් 66,362,475 ක් ලෙස සඳහන් වී තිබේ.


