සජිත්ගේ ගම් උදාව බොරුවක්

සජිත්ගේ ගම් උදාව බොරුවක් 04 – video

සජිත්ගේ නිවාස ජාවාරම !!!

සජිත්ගේ නිවාස ජාවාරම !!!Sajith Premadasa ගෙවල් විවෘත කරන්න Media වලට වියදම් කරන ගාන මේ මිනිස්සුන්ට දුන්නානම් අද මේ අහිංසක මිනිස්සු ණය බරින් නිදහස්.

Posted by ඉරාජ් වීරරත්න on Monday, 21 October 2019

ජනාධිපති අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වෙන නිවාස සංවර්ධන අධිකාරියේ ගම් උදාව නිවාස ව්‍යාපෘති ඉතා අවිධිමත් සහ වගකීමෙන් තොර ව්‍යාපෘති බව මේ වන වන විට තොරතුරු හෙළිවෙමින් පවතියි.

සජිත් ප්‍රේමදාස මහතා තම මැතිවරණ ව්‍යාපාරය තුළ දී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඉතා ඉහළින් පෙන්වන්නේ මෙවැනි ගම් උදාව ව්‍යාපෘති උදාහරණයට ගනිමින් ය.

නමුත් මෙම ව්‍යාපෘති යටතේ සහනාධාර ලබාදී නොමැති අතර යම් ණය මුදලක් ලබාදී එම මුදලින් නිවාසය ඉදිකිරීම ආරම්භ කරන ලෙස දන්වා එම මුදල වාරික වශයෙන් ලබාගනීමට සැලසුම් කර ඇත.
එම ලබාදෙන මුදල නිවසක් තැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා ඉතිරි මුදල ගමේ පොලී මුදලාලි කෙනෙක්ගෙන් ගැනීමට බොහෝ විට ගම්වාසීන්ට සිදුවී ඇත.
එම නිසා පොලියට අමතරව වැල් පොලී ගෙවමින් අසරණ තත්වයට පත්වීමට ගම්වාසීන්ට මේ වන විටත් සිදුවී ඇත.
ඒ වාගේම සමහර නිවාස ව්‍යාපෘති සිදු කර ඇති ගම්මානවලට ජල පහසුකම් ද ලැබී නැත.

මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරණයක් සිදු කළ ද සත්‍ය තත්ත්වය ඉතා කණගාටු කණගාටුදායකය. වස බී පවුලත් සමග මිය යාමට පවා අදහස් කරමින් සිටින අහිංසක පවුල් මේ අතර ජීවත්වනු දක්නට ලැබීම ඉතා කණගාටුදායකය.
පක්ෂ පාට භේදයකින් තොරව මේ සිදුකරන අවිධිමත් ව්‍යාපෘති ජනතාව දැන ගැනීම සහ එහි අඩුපාඩු නිවැරදි කිරීමට රජයට බල කිරීම කාලෝචිත නොවන්නේද ?

ගම් උදාව නිසා වස බොන අම්මලා – IRAJ (වීඩියෝ සහිතයි)- සජිත්ගේ ගම් උදාව බොරුවක් 03

Leave a Reply

Your email address will not be published. Required fields are marked *