’’සජිත්ගේ උපාධිය සභා ගත කර නෑ’’

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සහිත වාර්තා පාර්ලිමේන්තුවේ දිගහැරියද ඒවා මෙතෙක් සභාගත කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව ඉදිරිපත් කරනු ලබන වාර්තා සභාගත කිරීම  සිරිතක් වුවද විපක්ෂ නායකවරයා එය අනුගමනය කර නැතැයි කීඅ මාත්‍යවරයා 18 සවස 5,30 වනතුරුත් එය සභාගත කර නොතිබූ සඳහන් කළේය.

ඒ පිළිබඳව තමා ඊයේ දිනයේ ද පාර්ලිමේන්තුවෙන් සොයා බැලු නමුත් ඊයේ දවල් 11 වනතුරුත් ඒවා සභාගත කර නොතිබුබව ද හෙතෙම අවධාරණය කළේය..

එම නිසා එම අධ්‍යාපන සුදුසුකම් නිවැරදිදෑයි පරික්ෂා කිරීම සඳහා හැකි ඉක්මනින් සභා ගත කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසූ අමාත්‍යවරයා කිසිවෙකු ඉල්ලා නොතිබූ උප්පැන්න සහතිකයක් පවා විපක්ෂ නායකවරයා ඉදිරිපත් කිරිම විමතියට කරුණක් බවද කිය.

ඇමතිවරයා මෙම කරුණු පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *