සජබය හා එක් වන බව ජී.එල් කියයි

ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ව ජනතාව ආරක්ෂා කර ගැනීම සිය අපේක්ෂාව බවයි.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඒ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *