සචිත්‍රගේ හඬෙහි වාර්තාව ඉල්ලා රස පරීක්ෂකට සිහි කැඳවීමක්

ලංකා ප්‍රීමියර් ලීග් (LPL)2020 ක්‍රිකට් තරඟාවලිය  මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය  සම්බන්ධයෙන් වෙන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට  සීහි කැඳවීමේ ලිපියක්  යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා  නියෝග  කළේය .

තරඟ පාවාදීමට සැකකෙරෙන සචිත්‍ර සේනානායකට එරෙහිව ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකය ගොනු කළ පැමිණිල්ල  කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි .

කටහඬ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා වසරක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් වාර්තාව ලැබී නොමැති හෙයින් සුදුසු නියෝගයක් කරන ලෙසට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

2020 අයි.පී.එල් තරගාවලිය මුදලට පාවා දීම සම්බන්ධයෙන්  දේශීය හා ජාත්‍යන්තරව පරීක්ෂණ  සිදුකර මෙම පැමිණිල්ල කළ බව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *