සඟවා ඇති රජයේ වාහන ගැන කියන්න විශේෂ දුරකතන අංකයක්

රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කෙරුණු   වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ කොටස් කර සඟවා ඇත්නම් සහ අබලන් වීමට  ඉඩහැර තිබේනම් ඒ පිළිබඳව දැනුම් දීම  සඳහා ශ්‍රි ලංකා පොලිසිය විසින්  1997 යන විශේෂ වූ දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව එවැනි තොරතුරු පැය 24 පුරාම ක්‍රියාත්මක  එම දුරකතන  අංකයට දැනුම්  දෙන ලෙස පොලිස් මූලස්ථානය  මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම  තොරතුරු ලබාදෙන අයගේ  අනන්‍යතාවය  සම්පූර්ණයෙන් සුරක්ෂිත කිරීමට  කටයුතු කරන බවත්   අනන්‍යතාවය  පැවසිමට අවශ්‍ය නොවන බවත් පොලීසිය කියයි.

එමෙන්ම යම්කිසි අයෙක්  අසත්‍ය තොරතුරක් ලබා දීමට කටයුතු කළහොත් ඒ පිළිබඳව නීත්‍යානුකූලව  කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *