රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රටේ සංවර්ධන ක්‍රියාදාමයේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද රණතුංග මහතා කීය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සැකසීමේදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව කී අමාත්‍යවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා මෙම ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවද කීය.