දැනට ක්‍රියාත්ම සංචරණ සීමා එලඹෙන 21 වනදා ඉවත් කරන්නේ ද තවත් දීර්ඝ කරන්නේ ද යන්න පිළිබඳව තීරණය ගත හැකි වන්නේ 19 වනදා හෝ 20 වනදා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව පැවසීය.
“21 වනදා රට විවෘත කරනවා ද නැද්ද කියන කාරණය තීරණය කරන්න වෙන්නේ 19 හෝ 20 වගේ දිනයක සියලු කරුණු විශ්ලේෂණය කරලා. අපේ බලාපොරොත්තුව රට විවෘත කරන්න. හැබැයි ඒ බලාපොරොත්තුව සාධකත් එක්කයි ගැට ගැහෙන්නේ. ඒ නිසා පවතින ආකාරයට සරිලන ආකාරයේ තීන්දුවක් අපි ගන්න ඕනේ. දැන් තීන්දුවක් අරගෙන ඒ වෙනකොට තත්ත්වය හුගාක් බරපතළ නම් ඒ තීන්දුවේ ඉන්න පුළුවන් ද?. සමහරු කියන ආකාරයට කොවිඩ් පිළිබඳ ඉදිරි දැක්මක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා නම් ලෝකයේ ධනවත්ම රටවල් කොවිඩ් මර්දනය කරලා අවසන්. මේක ඉතාමත්ම අනපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී ඇතිවන තත්ත්වයන් විශ්ලේෂණය කරලා තමයි තීරණ ගන්න වෙන්නේ.”