සංගීත කාමරයක ගංජා පානය කළ ගුරුවරු දෙදෙනෙක්

වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරුන් දෙදෙනෙකු රාජකාරි කාලය තුළ ගංජා දුම් පානය කළ බවට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

නිර්නාමික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ ගංජා ග්‍රෑම් 1.9 ක් තිබී ඇති බව පොලිසිය පවසයි.

වැලිමඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් වැටලීම සිදු කළහ. සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *