ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත් හිටුවන්නැයි  ජනාධිපති අනුර දිසානායක මහතා  අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ  මව්පියන් පිරිසක් අතර  ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද මව්පියෝ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *