ශාන් විජයලාල් සජබයට

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇත.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ශාන් විජයලාල් ද සිල්වා මහතාව අද සිට අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා‌ ලෙස ද පත් කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *