ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යසන්ත කෝදාගොඩ පත් කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළේය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ වියෝවයෙන් පසුව පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහායි.

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ පසුගිය වර්ෂයේ මාර්තු 28 වන දින පත්කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *