අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ලැබී ඇත. ඉන් චීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියි.
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ සහ තවත් තිදෙනෙකු විසින් එම පෙත්සම ගොනුකර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව සිනොෆාම් එන්නත භාවිතයට ගැනීම තුළින් මෙරට ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසයි.