ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරප්පාඩු දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාරණයක් සමාජ ජාල අතර ප්‍රචාරය වන බවට තොරතුරු ලැබී ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
තවද ඒ පිළිබඳව විවිධ පාර්ශව අමාත්‍යාංශය වෙතින් විමසීම් කරනු ලබන බව ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව දැනට පුරප්පාඩු නොමැති අතර කළමනාකරණ ශ්‍රේණි කීපයක නිලධාරීන් විශ්‍රාම යාම නිසා වසර මැද භාගයේ එකී ශ්‍රේණිවලට අදාළ පුරප්පාඩු කිහිපයක් ඇති විය හැකි බවත් එකී පුරප්පාඩු සඳහා බඳවා ගනු ලබන්නේ බඳවා ගැනීම් පටිපාටිය අනුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් පමණක් බවත්,දැනට සමාජ ජාල හරහා ප්‍රචාරණය වන ව්‍යාජ දැන්වීම් පිළිබඳ විශ්වාසය නොතබන ලෙසත් මහජනතාවට දැනුම් දෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.