ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇපදීමකට යාමට නම් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ගත යුතු මූල්‍ය තීරණ පිළිබඳව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
“ආධාර ලබාගැනීමට පෙර අප සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. ප්‍රතිපත්ති රාමුව තුළ අයවැය හිඟය 5%ක තබා ගත යුතුයි.” අමාත්‍යවරයා පැවසීය.
මෙම කොන්දේසි සපුරාලීමට නම් යම් යම් මූල්‍ය තීරණ ගත යුතු බව ගුණවඩන වැඩිදුරටත් පැවසීය.
“මෙය සපුරාලීම සඳහා අපට රාජ්‍ය සේවක වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් සීමා කිරීමට සිදු වෙනවා. අපිට ගෑස් මිල වැඩි කරන්න සිදු වෙන්න පුළුවන්. කිසිදු සීමාවකින් තොරව ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමට සියලු පාර්ශ්වයන්ට අවසර දිය යුතුය. ඩොලර් අනුපාතය පාවීමට ඉතිරි කළ යුතුය. මහජනතාව මේ දේවල්වලට කැමති වෙයිද කියලා අපි සොයා බැලිය යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ට වඩා අඩු වාර්තාගත ලෙස පහත වැටීම නිසා IMF ඇපදීමකට යාමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් දැන් ටික කාලයක සිට සිදුවෙමින් පවතී.
කිසිදු හේතුවක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීමකට නොයන බවට රජය සිය ස්ථාවරය යලි අවධාරණය කරමින් සිටින අතරවාරයේ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් IMF හි සහය ලබා ගන්නා ලෙස රජයට බලකර තිබේ.