ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයායි.

එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, රට තුළ ඖෂධ හිඟය කෙමෙන් අඩු වෙමින් පවතින බවයි.

ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් සූදානමින් සිටින බව ද වෛද්‍යවරයා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *