ශ්‍රී ලංකා රග්බි තහනම ඉවත් කරයි

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ‘කායිස් අල් දලායි’ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ඊයේ(04) උදෑසන ඩුබායිහිදී පැවැත්වුණි.

එහිදී ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම පැරීසියේ පැවැති රැස්වීමකදී ඉවත් කළ බවය.

එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *