Armed police security for election commission members who received threats

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට දැඩි ආරක්ෂාවක්

කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන  පොලිසිය   විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි

ඒ අනුව මරදාන පොලිසිය  එහි  ගේට්ටු වසා  තිබියදී අද උදෑසන 9යි තිහට පමණ වැඩ බලන මහලේකම්වරයා ආසන සංවිධායකවරුන් සමග එහි පැමිණ ඒ ආසන්නයේම පිහිටි වෙනත්  ගොඩනැගිල්ල ක රැස්විමක් පැවැත්වීමට ඒ තුළට යාමට අවසර ඉල්ලුවද පොලිසිය ඊට අවසර දී නැත මේ හේතුවෙන් වැඩ බලන මහලේකම්වරයාට සිය ආසන සංවිධා යකවරුන් සමඟ ආපසු පැමිණීමට සිදුවිය

මෙම කාරණය සම්බන්ධයෙන් වැඩබලන මහානිකම්වරයා  මරදාන පොලිසි ස්ථානාධිපතිවරයා ට දුරකථන ඇමතුමක්දී  කරුණු  පැහැදිලි කර දී ඇතත් ඊටද සුභවාදී ප්‍රතිචාරයක් ලැබී නැත වැඩ බලන මහලේකම්වරයා ඉන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ට ලිපියක් මගින්ද අදාළ කරුණු යොමු කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *