ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ස්විට්සර්ලන්තයේදී අතුරුදන්ව වී ඇතැයි වාර්තා වේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා උළෙලකට ජාතිය නියෝජනය කරමින් සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

අතුරුදන් වූ ක්‍රීඩකයා තුන්පිම්ම (පිරිමි) ශ්‍රී ලංකා වාර්තාකරු සහ දුර පැනීමේ (පිරිමි) ජාතික ශූරයා වන ග්‍රේෂන් ධනංජය බව අනාවරණය වී තිබේ.

ඩේලි මිරර් පුවත්පතට අනුව ග්‍රේෂන් ධනංජය ජිනීවාහි පැවැත්වෙන මලල ක්‍රීඩා උළෙලකට සහභාගි වීම සඳහා පෞද්ගලික ආරාධනයක් මත ස්විට්සර්ලන්තයට ගොස් ඇත.

ඔහු සමග කාන්තා දුර පැනීමේ ශූරී සාරංගි ද සිල්වා සහ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු Y. K. කුලරත්න ද එක්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (SLA) ලේකම් සමන් කුමාර ගුණවර්ධන කියා සිටියේ මෙම සංචාරය පෞද්ගලික ආරාධනයක් මත සිදු වූ බැවින් ක්‍රීඩිකාව සම්බන්ධයෙන් SLA වගකීමක් නොමැති බවයි.

දුර පැනීමේ ඉසව්වට සහභාගි වීමෙන් අනතුරුව මෙම ක්‍රීඩකයා අතුරුදන්ව ඇති බවට වාර්තා වන බවද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ ජාත්‍යන්තර ඉසව්වලට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු අතුරුදන් වූ බව පසුගිය වසරේ වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *