ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඉන්දියාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වේ.

නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන් ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා පැවති උත්සවයේ දී ශ්‍රි ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කලින් සැලසුම් කළ පරිදි සත්කාරකත්වය දැරීමට සහ පහසුකම් සැපයීමට රජය කැප වී සිටින බව ක්‍රිකට් ක්ෂේත්‍රෙය් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය සඳහා පත් කළ විශේෂ කැබිනට් අනුකමිටුවේ සාමාජික අමාත්‍ය කාංචන විජේසේකර සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ කටයුතු කරන බවත් ආසියානු ක්‍රිකට් සභාපතිවරයා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සහ අයිසීසී සාමාජික රටවලට එරෙහි ව ඇතැම් පුද්ගලයන් සිදු කළ ප්‍රකාශ පිළිබඳ රජය කනගාටු වන අතර, එම ප්‍රකාශ හෙළා දකින බව ද එම සටහනේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *