ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණ වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සිය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ වාර්තාව මගින් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවය.

එසේම මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *