ශ්‍රී ලංකාව ජපානය සමඟ ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි.

ශ්‍රී ලංකාව ජපානය සමඟ ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය Kano Takehiro ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 ජූලි 15 වැනි සිකුරාදා ද්විපාර්ශ්වික උපදේශන පැවැත් වූවාය. ශ්‍රී ලංකා දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ විදේශ කටයුතු, ආරක්ෂක සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් විය.

ද්විපාර්ශ්වික දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙන්ම ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.

විදේශ කටයුතු අමාත්යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *