ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇති විය හැකි බලපෑම පිළිබඳව එක්සත් ජනපදය සැලකිලිමත් : ජුලී චුන්ග්

මෙම නීති ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බව පවසන සිවිල් සමාජ සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ වැදගත් යෙදවුම් ඇතුළත් නොකර සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇති විය හැකි බලපෑම පිළිබඳව එක්සත් ජනපදය අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ලංකා ජුලී චුන්ග් පැවසීය.

“ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ ඕනෑවට වඩා සීමාකාරී නීති මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල කරමින් ආයෝජනවලට සහ ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයට බාධාවක් විය හැකිය.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, ඕනෑම නීතියකින් එහි ජනතාවගේ හඬ යටපත් නොවන බවට සහතික වන ලෙසත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *