ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තරය සහතික කරයි.

ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහාය වෙමින් මෙම දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට හැකි උපරිම සහයෝගය ලබා දීමට ජාත්‍යන්තරයෙන් සහතික වී ඇති බව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අනාවරණය කරන ලදී.

අපගේ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව මෙම බරපතල අර්බුදය ජය ගැනීමට අප සියලු දෙනාම රටක් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ජාත්‍යන්තර පාර්ශ්වයන්ගේ සහයෝගය ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී හා සහනදායී ආකාරයෙන් ලබා ගැනීමට නම් රජයත්, පාර්ලිමේන්තුවත් මෙන්ම සියලු පුරවැසියන්ද මෙම තීරණාත්මක හා දුෂ්කර අවස්ථාවේදී වගකීමෙන් සහ අවබෝධයෙන් ක්‍රියා කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *