රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ උඩමළුව ප්‍රදේශයේදී ශ්‍රී පාද වන්දනාවේ ගිය 33 හැවිරිදි වන්දනාකරුවෙකු ආරක්ෂිත වැටෙන් පැනීමෙන් අතුරුදන් වුණා.
එම පුද්ගලයා හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු පසුගිය 19 වැනිදා උදෑසන තවත් කාන්තාවන් දෙදෙනකු සමඟ ශ්‍රී පාදස්ථානයට පැමිණ ඇති අතර ශ්‍රී පාද උඩ මළුව සීසීටීවී කැමරාවල සටහන් වූ අන්දමට මෙම පුද්ගලයා රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ පහළට බසිමින් සිටියදී එක්වරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පැන ඇති බව වාර්තා වේ. .
අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ යුද හමුදා නිලධාරීන් මෙහෙයුමක් දියත් කළහ.
මෙම පුද්ගලයා වැටෙන් පැනීමට පෙර පිස්සු වැටී සිටි බව ඔහු සමඟ පැමිණි කාන්තාවන් දෙදෙනා පොලිසියට පවසා ඇත.