වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මෙතෙක් වෛද්‍යවරයකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව තිබුණේ 62ක් වශයෙනි.
විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇත.