වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
වෙළෙඳුන් පවසන්නේ වී මිල ඉහළයාම හේතුවෙන් මෙලෙස සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.
මේ අතර මිල පාලනයක් පනවා තිබියදී මෙලෙස සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනයට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
“අපි සහල් සඳහා ලබාදුන්න පාලන මිල ඉක්මවා කටයුතු කරන්න සහල් නිෂ්පාදකයෝ සහ සහල් වෙළෙන්ඳෝ කටයුතු කරනවා. මේක රටේ ජනතාවට දරා ගන්න බෑ. මම දිස්ත්‍රික්කවලට ගිහින් ඉදිරියේ දී නායකත්වය දීලා මමත් අධ්‍යක්ෂවරුත් අනිවාර්යයෙන් වැටලීම් කරනවා. ඒවා තුළින් පාලනය කරගන්න බැරි වුණොත් හාල් මිල. අපිට හාල් ආනයනය කරන්න අපිට කටයුතු කරන්න සිද්ධවෙනවා කියලා මම නිලධාරීන්ට දැනුම්දුන්නා.”
මේ අතර සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින් සහල් මිල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පවසා සිටියේ, තමා හාල් හංගගෙන ඉන්න බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.