වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.

පළමු සමරු මුද්දරය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *