වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා

සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව  වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු  ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේතුවෙන්  රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්  පාඩුවී  ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම ජංගම වී  ගබඩා රජයේ ආයතනවලට නොමිලේ බෙදාදී   ඇත්තේ  ඒවා වසර හතකට වැඩි කාලයක් තිස්සේ නොවිකිණී පැවතීම නිසා යැයිද  එම වාර්තාව සඳහන් කරයි

මෙම ජංගම වී   ගබඩා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වැය කර මිලදීගෙන තිබූ බව විගණන කාර්යාලය පවසයි.

රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ඒකක දහතුනක් 2022 වර්ෂයේදීද  රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඒකක විසි දෙකක් 2023 වර්ෂයේදී ද රාජ්‍ය ආයතන වලට මෙසේ නොමිලේ බෙදා දී තිබූ බව කියති.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *