දොඩම්ගස්ලන්ද – උඩත්තාපොළ පුරාණ විහාරස්ථානයට 24 රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලීසිය පවසයි.
විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩ වසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණ ද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේ දී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදු ව නැති බව ද පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් පරීක්ෂණවලට අනුව බඳින තුවක්කුවක් හා සමාන කුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව වාර්තා වේ.