විස නැවට මැතිසබේ විරෝධයක්

ඇමරිකාවේ සිට ගමන් අරඹා ඇති ඩාර්ලි නමැති නෞකාව  අන්තරායකර අපද්‍රව්‍ය කන්ටේනර 764ක්   රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින්  මහ විනාසයක් වීමට පෙර කඩිනම්  ක්‍රියාමාර්ග ගන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

මහාචාර්ය චරිත හේරත් මහතා මෙසේද පැවසීය.

මීට පෙර මේ වගේ ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. නැව් දෙකක් ශ්‍රී ලංකා මුහුදේදී අනතුරට ලක්වුණා. මේ නැව අමෙරිකාවේ මේරිලන්ඩ්හි බෝල්ටිනෝ වරායෙන් පිටවෙලා තියෙනවා. ඩාර්ලි නැවේ කන්ටේනර් 4644ක් තියෙනවා. මින්  764ක අන්තරායකර අපද්‍රව්‍ය ඇති බවට  හඳුනාගෙන තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *