මෙරටට විෂ පොල් තෙල් ආනයනය කෙරූ සමාගම් තුනෙන් “කටාන රිෆයිනරීස්” සමාගම ඔවුන් ගෙන්වූ එම පොල් තෙල් නැවත ප්රතිඅපනයනය කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්රී ලංකා රේගුව පවසා සිටියි.
සමාගම් තුනක් විසින් මෙරටට ගෙන්වූ පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඉතා ඉහළ ප්රතිශතයකින් අඩංගු බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ එම පොල්තෙල් තොග ප්රතිඅපනයනය කරන ලෙස ශ්රී ලංකා රේගුව අදාල සමාගම්වලට දැනුම් දී ඇත.