විෂ පොල්තෙල් ඇති බවට සැක පොල් තෙල් බවුසර් 2ක් අත්අඩංගුවට

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පිළිකාකාරක අඩංගු බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500ක් තිබූ බවුසර් දෙකක් දංකොටුව පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොල් තෙල් තොගය රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් ඉකුත් 25 වැනිදා රැගෙන විත් ඇති බවට රියදුරන් ලබා දුන් ප්‍රකාශ අනුව අනාවරණය වී ඇත. එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. බව්සර් දෙකෙහි රියැදුරන් දෙදෙනාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදා හැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *